අවශ්‍ය ලියවිලි

ගමන් බලපත්‍රයක් සඳහා අයදුම්පත්‍රය (වත්මන් ගමන් බලපත්‍රයේ වලංගු කාලය කල් ඉකුත් වී ඇත්නම්)

  1. නිසියාකාරව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  2. ඔබ විසින් මාස තුනක කාලයක් ඇතුලතදී පෙනී සිට ලබාගන්නා ලද ඡායාරූප තුනක් (වර්ණ, නිල් පසුබිම, සෙ.මී. 3.5 x සෙ.මී. 4.5)
  3. තමා සතුව දැනට තිබෙන ගමන් බලපත්‍රය
  4. ගමන් බලපත්‍රයේ පිටපත් :
    • මුහුණ සහිත පිටුව
    • එම ගමන් බලපත්‍රයේ ජීව දත්ත තොරතුරු ඇතුළත් පිටුවෙහි ඡායා පිටපතක් (පිටු අංක. 2 සහ 3)
    • වෙනස් කිරීම් සහ නිරීක්ෂණ ඇතුළත් පිටුවෙහි ඡායා පිටපතක් (පිටු අංක. 4 සහ 5)
  5. ඔබ විසින් ලබා දෙන ඡායාරූපයන්හි ඇස්, කන්, නළල සහ ගෙල ප්‍රදේශය හොඳින් නිරාවරණය වී තිබිය යුතු අතර නිල් පසුබිමක ලබා ගත් වර්ණ ඡායාරූප විය යුතුය.
  6. ඇස්කණ්ණාඩි සහිත, නළලෙහි තිලක තබා ඇති, හිස් ආවරණ  පැළඳි ඡායාරූප ප්‍රතික්ෂේප කෙරෙනු ඇත.
  7. ඔබ විසින් ලබා දෙන ඡායාරූප, අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාව වන විට මාස 3ක් ඇතුළත ලබා ගත් ඡායාරූප විය යුතුය.
  8. දැනට පවතින ගමන් බලපත්‍රයෙහි සඳහන් නොවන තනතුරක් නව ගමන් බලපත්‍රය සඳහා ඇතුළත් කිරීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම් එම තනතුර සනාථ කිරීමට අදාල ලිපි ලේඛන (අධ්‍යාපන සහ වෘත්තීය සහතික ද ඇතුළුව) ඉදිරිපත් කළ යුතුය. වීසා බලපත්‍රයෙහි සඳහන් වූ පමණින් එම තනතුර නව ගමන් බලපත්‍රය සඳහා ඇතුළත් නොවන බව දන්වා සිටිනු කැමැත්තෙමු.
  9. එසේම, අයදුම්පත්‍රයෙහි අංක. 7 මගින් මෙරට ලිපිනය සහ අංක. 14 මගින් ඔබගේ මෙරට ජංගම දුරකථන අංකය විමසා ඇති අතර ඒවා නිවැරදිව සඳහන් කිරීමට ඔබ වග බලාගත යුතුය.
  10. නැතිවූ ගමන් බලපත්‍රයක් සඳහා කුවේට් රජයෙන් ලබාදෙනු ලබන සී.අයි.ඩී. වාර්තාව ඉදිරිපත් කළ යුතුයි.
  11. නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ගමන් බලපත්‍ර අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව දින 45ත් 60ත් අතර කාලයක්  තුල ඔබගේ නව ගමන් බලපත්‍රය නිකුත් කෙරෙනු ඇත. එහෙත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සලකා බලනු ලබන ඇතැම් හේතූන් මත (ඡායාරූප වෙනස්කම්, ජාතික හැඳුනුම්පත් අංකයෙහි වෙනස්කම්, ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන නමෙහි වෙනස්කම් වැනි ) ඒ සඳහා අතිරේක කාලයක් ගතවීමට ඉඩ ඇති බව ද ඔබ විසින් සිහි තබා ගත යුතු බව කාරුණිකව දන්වා සිටිනු කැමැත්තෙමු.

අයදුම්පත් පිරවීම සඳහා උපදෙස්

  1. අයදුම්පත්‍රය ඉංග්‍රීසි කැපිටල් අකුරින් සම්පූර්ණ කිරීමට හැකිතාක්දුරට කටයුතු කළ යුතුය.
  2. අයදුම්පත්‍රයෙහි දක්වා ඇති පරිදි ඡායාරූප තුනක් ඉදිරිපත් කළ යුතුය. ඡායාරූපවලට පහළින්, ලබා දී ඇති කොටුවලට පමණක් අත්සන් සීමා කළ යුතු බව තහවුරු කර ගන්න.
  3. ඡායාරූපය පැහැදිලි, ගුණාත්මක තත්වයෙන් ඉහළ, නව (වත්මන් ඡායාරූපයක්) විය යුතු අතර, කණ්ණාඩි හො මොට්ටු පැළඳීමෙන් තොරව, විවෘත දෙකන් සහ පැහැදිලි නළලක් එහි සටහන් විය යුතුය.
  4. අයදුම්පත්‍රය සහ මුල් ලේඛන, එහි ඡායා පිටපත් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.

අලුත උපන් දරුවකු සඳහා නව ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී අදාළ ලිපි ලේඛන

01.කොන්සියුලර් අංශයෙන් නිකුත් කරනු ලබන උප්පැන්න සහතිකයේ පිටපතක
02.පුරවැසි සහතිකයේ පිටපතක්
03.පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේදී මුදල් ගෙවු රිසිට්පතෙහි පිටපතක
04.විවාහ සහතිකයේ පිටපතක්
05.පියාගේ ගමන් බලපත්‍රයේ විස්තර සඳහන් පිටුවෙහි පිටපතක්
06.පියාගේ ගමන් බලපත්‍රයේ දරුවන් ඇතුලත් කිරීමේ පිටුවෙහි පිටපතක්
07.මවගේ ගමන් බලපත්‍රයේ විස්තර සඳහන් පිටුවෙහි පිටපතක්
08.මවගේ ගමන් බලපත්‍රයේ දරුවන් ඇතුලත් කිරීමේ පිටුවෙහි පිටපත
09.දෙමාපියන්ගේ විරුද්ධත්වයක් නොමැති බවට ලිපියක්
10.NMRP  පිටපතක්  

( ඉහත පිටපත් ඒ්වායේ මුල් සහතික සමඟ ඉදිරිපත් කළ යුතුයි.)

ගමන් බලපත්‍රයක් සතුව ඇති දරුවකු සඳහා නව ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අදාළ ලිපි ලේඛන

  1. දැනට ඇති ගමන් බලපත්‍රයේ විස්තර ඇතුලත් පිටුව සහ වෙනස් කිරීම් පිටුවල පිටපත්
  2. කොන්සියුලර් අංශයෙන් නිකුත් කරනු ලබන උප්පැන්න සහතිකයේ පිටපතක්
  3. පුරවැසි සහතිකයේ පිටපතක්
  4. පියාගේ ගමන් බලපත්‍රයේ විස්තර සඳහන් පිටුවෙහි පිටපතක්
  5. මවගේ ගමන් බලපත්‍රයේ දරුවන් ඇතුලත් කිරීමේ පිටුවෙහි පිටපතක්
  6. දෙමාපියන්ගේ විරුද්ධත්වයක් නොමැති බවට ලිපියක්

(ඉහත පිටපත් ඒ්වායේ මුල් සහතික සමඟ ඉදිරිපත් කළ යුතුයි.)

ගමන් බලපත් සේවා සඳහා ගාස්තු

   සේවා පිළිබඳ විස්තරය  සංශෝධිත ගාස්තු (KD)
01
සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍රයක් සඳහා

48/-
02
නැතිවූ ගමන් බලපත්‍රයක් වෙනුවෙන් සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍රයක් (පැරණි ගමන් බලපත්‍ර පිටපත සමඟ)

113/-
03
නැතිවූ ගමන් බලපත්‍රයක් වෙනුවෙන් සියලුම රටවල් සඳහා වලංගු ගමන්
බලපත්‍රයක් (පැරණි ගමන් බලපත්‍ර පිටපත නොමැතිව)

144/-
04
වසර 03ක් සඳහා වන ළමුන්ගේ ගමන් බලපත්‍රයක් සඳහා

39/-
05
මැදපෙරදිග ගමන් බලපත්‍රයක් සියලුම රටවල් සඳහා වලංගු ගමන්
බලපත්‍රයක් බවට පත්කිරීමේදී

20/-
06
යන්ත්‍රානුසාරයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රයක් සඳහා (NMRP)

16/-
07
යන්ත්‍රානුසාරයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රයක් සඳහා (NMRP)
පැරණි ගමන් බලපත්‍රය නැතිවූ විට(ශ්‍රී ලංකාවට යාම සඳහා පමණක්)

51/-
08
ගමන් බලපත්‍රයේ සංශෝධන සඳහා

4/-
09
යන්ත්‍රානුසාරයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍රයක් (NMRP) මාස 06 ක කාලයක් සඳහා(ශ්‍රී ලංකාවට යාම සඳහා පමණක්)

9/-

Skip to content