මාධ්‍ය නිවේදනයයි
Thursday August 3, 2023
මෙවර ඇසළ පොහොය නිමිති කර ගනිමින් කුවේට් හී ශ්‍රී ලංකා
තානාපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
2023 ජුලි 28 වන දින කතරට දම් සයුර ඇසළ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී
ලංකා ප්‍රජාවගේ ද සහභාගීත්වයෙන් තානාපති කාර්යාල පරිශ්‍රයේදී
පැවැත්වීමට කටයුතු කර තිබුණි.
මෙම පිංකම් මාලාව වෙනුවෙන් ධර්මානුශාසනා කිරීම සඳහා පූජ්‍ය
නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ
අතර 2023 ජූලි 28 වන සිකුරාදා දිනය පුරාවට මෙම වැඩසටහන
ක්‍රියාත්මක විය.
උදෑසන 6.00ට ආරම්භ වූ පෙහෙවස් සමාදන්වීමේ වැඩසටහනට ධර්ම
සාකච්ඡා, ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් ද ඇතුළත්
විය.විචිත්‍රවත් පෙරහැරකින් කරඬුව වැඩම කරවීමෙන් හා ආගමික
වතාවත් වලින් අනතුරුව රාත්‍රි ධර්ම දේශනාව පූජ්‍ය නාවලපිටියේ
අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලදී.
වැඩසටහන අවසානයේ දී තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ
බත් දන්සල ඇතුළු විවිධ දන්සැල් වර්ග කිහිපයක් පැවැත්වීමට කටයුතු
සංවිධානය කර තිබුණ අතර සල්පිල් වෙන්දේසියක් ද පැවැත්විණි.
බෞද්ධ කොඩි වලින් සහ විදුලි බුබුළු වලින් ආලෝකමත් කර තිබු ශ්‍රී
ලංකා තානාපති පරිශ්‍රයේ පවත්වන ලද මෙම ඇසළ පුණ්‍ය මහෝත්සවය
සඳහා ශ්‍රී ලාංකේය ප්‍රජාව ජාති, ආගම්, කුල භේදයකින් තොරව
සහභාගී වී ඇති අයුරු දක්නට ලැබුණි
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
කුවේට්
2023 ජූලි 29
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/1-1024x586.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/2-1-1024x599.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/3-1024x601.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/4-1024x600.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/5-1024x609.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/6-1024x599.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/7-1024x609.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/8-1024x612.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/9-1024x571.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/10-1024x594.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/11-1024x611.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/12-1024x574.jpeg)
![](https://kuwait.embassy.gov.lk/wp-content/uploads/2023/08/13-1024x578.jpeg)