CONSULAR AFFAIRS DIVISION OF THE MINISTRY OF FOREIGN AFFAIRS LAUNCHES E-CHANNELING APPOINTMENT SYSTEM FOR AUTHENTICATION SERVICES

  • Home
  • CONSULAR AFFAIRS DIVISION OF THE MINISTRY OF FOREIGN AFFAIRS LAUNCHES E-CHANNELING APPOINTMENT SYSTEM FOR AUTHENTICATION SERVICES

CONSULAR AFFAIRS DIVISION OF THE MINISTRY OF FOREIGN AFFAIRS LAUNCHES E-CHANNELING APPOINTMENT SYSTEM FOR AUTHENTICATION SERVICES

Thursday October 6, 2022

Consular Affairs Division of the Ministry of Foreign Affairs Launches e-Channeling Appointment System for Authentication Services

The Ministry of Foreign Affairs launched an e-channeling appointment system in collaboration with SLT Mobitel on 29 September, 2022 to render better and more efficient services to the public, who seek authentication services from the Consular Affairs Division in Colombo and its regional offices in Jaffna, Trincomalee, Kandy, Kurunegala and Matara.

The public who needs authentication services may schedule an appointment through the e-channeling appointment system dialing 225 (Mobile subscribers) or 1225 (landline subscribers) and visiting Mobitel e-channeling (www.echannelling.com) or official website of the Ministry of Foreign Affairs (www.mfa.gov.lk).

Addressing the gathering at the launch, Minister of Foreign Affairs, Ali Sabry expressed that there is a demand for migrant workers from Sri Lanka. As a result of which the request for services from the Ministry of Foreign Affairs has doubled and resulted in long queues at the Authentication Section of the Consular Affairs Division of the Ministry of Foreign Affairs. The public has been inconvenienced as a result of this and the Ministry of Foreign Affairs set out to offer a better service to the people. He further added that this will hopefully result in queues being eliminated and save the time and effort of the persons obtaining services. He also stated that this is the beginning of a programme that will result in the transformation of the Consular Services at Sri Lanka Missions abroad as well.

State Minister of Foreign Affairs, Tharaka Balasuriya also expressed the importance of digitalization of all government institutions that can improve efficiency of services as well as integrating all Sri Lanka Missions by digitalizing to mitigate time consuming works.

Chairman / Director of SLT Mobitel, Rohan Fernando highlighted the efficiency of the system introduced by SLT Mobitel.

Secretary, Foreign Affairs, Aruni Wijewardane and other senior Foreign Ministry officials and representatives from SLT Mobitel also attended the event.

Ministry of Foreign Affairs

02 October, 2022

…………………………………

මාධ්‍ය නිවේදනය

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය සත්‍යාපන සේවා සඳහා e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දෙයි

කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රදේශවල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ඔස්සේ සත්‍යාපන සේවා අපේක්ෂා කරන සේවා අපේක්ෂකයන්ට වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින්, විදේශ කටයුතු අමාත්‍යංශය SLT මොබිටෙල් සමාගම සමඟ එක්ව, 2022 සැප්තැම්බර් 30 වැනි දින e-Channeling Appointment පද්ධතියක් හඳුන්වා දුන්නේ ය.

සත්‍යාපන සේවා ලබාගැනීමට අපේක්ෂා කරන අයවලුන්ට, 225 (ජංගම දූරකතන පරිශීලකයන්) හෝ 1225 (ස්ථාවර දූරකතන පරිශීලකයන්) යන දූරකතන අංක ඇමතීමෙන් සහ මොබිටෙල් හි e-Channelling වෙබ් අඩවිය (www.echannelling.com) ඔස්සේ සිය සේවා සඳහා අවස්ථාවක් වෙන් කරගැනීමට හැකි ය.  එමෙන්ම, විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට (www.mfa.gov.lk) පිවිසීමෙන් ද අවස්ථාවක් වෙන් කරගැනීමේ හැකියාව පවතී.

මෙම අවස්ථාවේ දී සිය අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් සඳහා ඉල්ලුමක් නිර්මාණය වී ඇති බව සඳහන් කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලබාගන්නා සේවා ඉල්ලීම් දෙගුණ වී ඇත. තවද,  විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සත්‍යාපන අංශය තුළ දිගු පෝලිම් නිර්මාණය වී ඇත. මහජනතාව මෙමඟින් අපහසුතාවට පත්ව ඇති බැවින්, ජනතාවට වඩාත් හොඳ සේවාවක් ලබා දීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කළ බව එතුමා මෙහිදී සඳහන් කළේ ය. මෙමගින් පෝලිම් නිර්මාණය වීම වළක්වා, සේවා ලබාගන්නා පුද්ගලයන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කරගැනීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද එතුමා වැඩිදුරටත් පැවසී ය. එමෙන්ම, මෙම කර්තව්‍යය විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල කොන්සියුලර් සේවාවන් ද පරිවර්තනීය වෙනසකට බඳුන් කිරීමේ  වැඩපිළිවෙළක ඇරඹුමක් වන බවද එතුමා සඳහන් කළේ ය.

මෙහිදී සිය අදහස් පළ කළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, සේවාවල කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කළ හැකි වන අයුරින් සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම මෙන්ම, කාලය ගතවන කාර්යයන් අවම කිරීම සඳහා ඩිජිටල්කරණය ඔස්සේ  සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳව ද සඳහන් කළේ ය.

SLT මොබිටෙල් හි සභාපති සහ අධ්‍යක්ෂ රොහාන් ප්‍රනාන්දු මහතා, SLT මොබිටෙල් සමාගම හඳුන්වා දුන් මෙම පද්ධතියේ කාර්යක්ෂමතාව පිළිබඳව අවධාරණය කළේ ය.

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ SLT මොබිටෙල් සමාගමේ  නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 ඔක්තෝම්බර් 02 වැනි දින

……………………………

ஊடக வெளியீடு

 அத்தாட்சிப்படுத்தல் சேவைகளுக்கான மின்னியல் சந்திப்பு நியமன முறைமை வெளிநாட்டு அலுவல்கள்  அமைச்சின் கொன்சியூலர் அலுவல்கள் பிரிவினால் அறிமுகம்

மின்னியல் சந்திப்பு நியமன முறைமையை எஸ்.எல்.டி. மொபிடெல் உடன் இணைந்து வெளிநாட்டு அலுவல்கள்  அமைச்சு 2022 செப்டெம்பர் 29ஆம் திகதி முதல் அறிமுகப்படுத்தவுள்ளது. இது கொன்சியூலர் அலுவல்கள் பிரிவின் சரிபார்ப்பு மற்றும் அத்தாட்சிப்படுத்தல் பிரிவில் சிறந்த மற்றும் பயனுள்ள சேவைகளைப் பெற்றுக் கொள்வதற்கு பொதுமக்களுக்கு வசதியளிப்பதாக அமையும்.

மின்னியல் சந்திப்பு நியமன முறைமையானது, கொன்சியூலர் அலுவல்கள் பிரிவு மற்றும் யாழ்ப்பாணம்,  திருகோணமலை, கண்டி, குருநாகல் மற்றும் மாத்தறையில் உள்ள அதன் பிராந்திய கொன்சியூலர் அலுவலகங்களில் ஆவணங்களை அத்தாட்சிப்படுத்துவதற்கான இணையவழி நியமனங்களை பொதுமக்கள் பெற்றுக் கொள்வதனை எளிதாக்கும்.

மின்னியல் சந்திப்பு நியமன சேவையைப் பெற விரும்புபவர்கள்  225 (கையடக்கத் தொலைபேசி பாவனையாளர்கள்) அல்லது 1225 (நிலையான அழைப்புத் தொலைபேசி பாவனையாளர்கள்) மற்றும் மொபிடெல் மின்னியல் சந்திப்பு (www.echannelling.com ) க்கு அழைத்து நியமனங்களைப் பெற்றுக் கொள்ளலாம். வெளிநாட்டு அலுவல்கள் அமைச்சின் உத்தியோகபூர்வ இணையத்தளம் (www.mfa.gov.lk ) ஊடாகவும் தொடர்பு கொள்ள முடியும்.

சேவைகளைப் பெற்றுக் கொள்ள விரும்புபவர்களை கொன்சியூலர் அலுவல்கள் பிரிவு மற்றும் அதன் பிராந்திய  கொன்சியூலர் அலுவலகங்களின் அனைத்து அத்தாட்சிப்படுத்தல் பிரிவுகளும் 2022 செப்டம்பர் 29 முதல் மின்னியல் சந்திப்பு நியமன முறைமை மூலமாக மட்டுமே ஏற்றுக்கொள்ளும்.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சு,

கொழும்பு

2022 அக்டோபர் 02

Skip to content